දිනපතා යාඥාව උදෙසා බයිබල් පද
"දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුව නොයන්නාවූ,
පව්කාරයන්ගේ මාර්ගයෙහි නොසිටින්නාවූ,
නින්දා කරන්නන්ගේ ආසනයෙහි නොහිදින්නාවූ,
ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි ප්‍රීති වන්නාවූ,
උන්වහන්සේගේ ව්‍යවස්ථාව රැ දාවල් මෙනෙහිකරන්නාවූ,
මනුෂ්‍යයා ආශීර්වාද ලද්දේය.
ඔහු දිය ඇළවල් ළඟ සිටවූ,
නියම කලට ඵල දෙන,
නොමැල වෙන කොළ ඇති ගසක් හා සමාන වන්නේය.
ඔහු කරන සියල්ල සඵලවෙයි.
දුෂ්ඨයෝ එසේ නොව,
සුළඟින් විසිරයන බෝල්හා සමානය.
එබැවින් දුෂ්ඨයෝ විනිශ්චයේද,
පව්කාරයෝ ධර්මිෂ්ටයන්ගේ සමාගමෙහිද නොසිටින්නෝය.
මක්නිසාද ස්වාමින්වහන්සේ ධර්මිෂ්ටයන්ගේ මාර්ගය දන්නාසේක.
නුමුත් දුෂ්ඨයන්ගේ මාර්ගය විනාශ වන්නේය".
- ගීතාවලිය 1
©2016- darmadasa.org (දර්මදාස ශුභාරංචි සේවය වෙතින් උපුටා ගන්නා ලදි.)